Monday 2nd of February 2026

English Tamil
Advertiesment


සිංගප්පූරුවේ A*STAR ආභාෂය ශ්‍රී ලංකාවට ගේන්න සැලසුමක්


2026-01-31 1253

 

-විපක්ෂ නායක දේශපාලන සතිය-

 

සිංගප්පූරුවේ සංචාරයක නිතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එරට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) නිරීක්ෂණ චාරිකාවද නිරත විය.

එහිදී A*STAR හි ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කාරිත්ව නිලධාරී ක්‍රිස් ලෙක් සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ එල්වින් චියා හමුවූ සජිත්, විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකා ඒජන්සියක් නිර්මාණය කිරීම තමන් රජයට යෝජනා කරන බවත්, ඒ සඳහා සිංගප්පූරුවේ අත්දැකීම් සහ තාක්ෂණික සහය ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

 

WhatsApp Image 2026 01 30 at 1.54.21 PM

 

ඒ හරහා, කෘෂි-ජෛව තාක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව, සහල්, තේ සහ පොල් පර්යේෂණය, පසු අස්වනු තාක්ෂණය, සීතල දාම තාක්ෂණය, ජෛව වෛද්‍ය විද්‍යාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉලෙක්ට්‍රොනික හා මෙවලම් නිෂ්පාදනය මෙන්ම, කෘතිම බුද්ධිය, ඩිජිටල් පොදු යටිතල පහසුකම් වේදිකාවක් සහ ආපදා පුරෝකථනය පුළුල් කිරීමට හැකියාව පවතින බව සිංගප්පූරු විශේෂඥයින් සජිත්ට පෙන්වා දුන්නේය.

 

WhatsApp Image 2026 01 30 at 1.54.22 PM 1

සිංගප්පූරුවේ A*STAR ආභාෂය ශ්‍රී ලංකාවට ගේන්න සජිත්ගෙන් සැලසුමක්.


සජිත් සිය සිංගප්පූරු සංචාරය අතර තුර එරට හිටපු විදේශ අමාත්‍යවරයකු වූ ජෝර්ජ් යෝ-බූන් හමුවිය. සාකච්ජාවෙන් අනතුරුව සජිත් ආරාධනාකර සිටියේ,  ඔහුගේ අත්දැකීම් බෙදා හදාගන්නට ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ට හමුවීමට පැමිණෙන ලෙසටය.

 

 

WhatsApp Image 2026 01 30 at 1.54.37 PM

සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍යවරයකු වූ ජෝර්ජ් යෝ-බූන් හමුවීම

 

ඊට සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ කිරීම සඳහා අනාගතයේ බහු-පාර්ශවීය වැඩමුළුවක් හරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී, සිංගප්පූරුවේ පරිපාලනය, ආර්ථික පරිවර්තනය, විදේශ ප්‍රතිපත්ති උපාය මාර්ගය සහ තාක්ෂණික බාධා කළමනාකරණය සිදු කළ ආකාරය පිළිබඳ තම අත්දැකීම් බෙදා ගැනීමට එකඟතාව පළ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක ද නිරත වූ අතර, කොවිඩ් ව්‍යසනයෙන් පසුව 2023 වසරේ දී මෙහෙයුම් ආරම්භ කරමින් ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සිදු කළ ආකාරයද නිරීක්ෂණය කළේය.

 

 

WhatsApp Image 2026 01 30 at 1.54.56 PM

 


අති නවීන පහසුකම් ඔස්සේ පර්යේෂණ සිදු කරන සංවර්ධන මධ්‍යස්ථානයක් වන එහි විදුලි වාහන නිෂ්පාදනය, රොබෝ තාක්ෂණය සහ කෘත්‍රීම බුද්ධියේ උසස් යෙදුම් EV නිෂ්පාදනය සඳහා පමණක් නොව SMART (සුහුරු) කෘෂිකර්මාන්තය සහ තිරසාර කාර්මික නිෂ්පාදන සඳහා ද භාවිත කිරීම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමටද ඔවුන් ක්‍රියා කළේය.

 

 

WhatsApp Image 2026 01 30 at 1.54.56 PM 1

 


වෙළඳපොලට ආ, ලියාපදිංචිය නැත ඖෂධ

 

පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළට පැමිණ ඇති බවට චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන් සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, සමගියේ නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ සතියේ කටයුතු කළේය.

 

 

WhatsApp Image 2026 01 30 at 1.57.32 PM

 

විපක්ෂ නායක සජිත්ගේත් උපදෙස් මත මෙම පැමිණිල්ල සිදුකළ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්ණ කර සිටියේ,… ”ලියා පදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ තිබෙනවා. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා”

මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.



ගල් අඟුරු වංචාව තහවුරු කරගත් විපක්ෂයේ මෙහෙයුම

 

 

WhatsApp Image 2026 01 30 at 1.55.30 PM

ගල් අඟුරු වංචාව තහවුරු කරගත් විපක්ෂයේ මෙහෙයුම

 


ආන්දෝලයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්වය ගැන සොයන්නට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයට ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මතය.

ඒ කණ්ඩායමට අජිත් පී, පෙරේරා නායකත්වය දී තිබූ අතර, පොහොට්ටුවේ ඩී.වී. චානක, සජබයේ සුජීව, ජේ.සී. චමින්ද, රෝහණ ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ලක්විජය නිරීක්ෂණය කිරීමෙන් පසු  බලාගාරයෙන් පිටතට පැමිණි අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ, “NPP රජය යටතේ ලබාදුන් විශාලතම ටෙන්ඩරය දුෂිතයි. ගල් අඟුරුවල තත්ත්වය දිගින් දිගටම බාලයි. ලක්විජය බලාගාරයේ Lab results අනුවත් ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොරයි. ලක්විජය බලාගාරයේ ඉන්ජිනේරු මතය තමයි මේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හරහා මේ බලාගාරයට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු දහනය නිසා සෞඛ්‍ය ගැටළු සහ පාරිසරික ගැටළු ඇති වෙනවා. මේක අන්ත දූෂිත ගණුදෙණුවක්”

 

 

WhatsApp Image 2026 01 30 at 1.55.30 PM 1

 

මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන්නේ, ලබන අප්‍රේල් මාසයට පෙර මේ වසරට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්වයත් උද්ගතවී ඇති තත්ත්වයක් තුළ රට තුළ විදුලිය අර්බුදයක් පවා නිර්මාණය විය හැකි බවය.



ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සජිත්ට මල් මිටක්

 

 

WhatsApp Image 2026 01 30 at 1.56.18 PM

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සජිත්ට මල් මිටක්

 


රජය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් සහන පොලි ණය වැඩසටහනක් ක්‍රියාත්මක වුවද, පසුගිය සමයේ බැංකුවල ආසාදු ලේඛණ ගතවූ ඔවුන්ගෙන් බහුතරයකට එම වැඩපිළිවෙල හරහා ප්‍රතිලාභයක් අත්කර ගැනීමට නොහැකි බවත්, ආර්ථික කඩා වැටීම හමුවේ අසරණ වූ ඔවුන්ට ක්‍රියාත්මක කළ යුත්තේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩසටහනක් බවත්, විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ එම කේෂ්ත්‍රයේ පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

" බෑලූ බැල්මට මේ ණය වැඩසටහන හොඳයි, ඒත් ඒකෙන් ප්‍රතිලාභ ගන්න බොහෝ පිරිසකට බැරිවෙලා, ඒ ගැන අවධානය යොමු කරන්නම වෙනවා, රජයක් කියන්නේ ඔන්න අපි ක්‍රමයක් හැදුවා කියලා රටේ ජනතාවට කියන එකම නෙමෙයි, ඒ ක්‍රමය සාර්ථකද? ඒකෙන් ගැටළුවට විසඳුම් ලැබෙනවද? ඒවත් අපි බලන්න ඕන. ඇත්තටම SMME's ව්‍යවසායකයින් අතරින් 50% මේ ණය ක්‍රමයෙන් ප්‍රයෝජනයක් නෑ”

එසේ කියමින් සජිත් තවදුරටත් අවධාරණය කළේ, මේ බරපතල තත්ත්වය තව, තවත් වර්ධනය වීම හරහා රටේ සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ග ඉදිරියේදී අහිමි වනු ඇති බවයි.

 

 

WhatsApp Image 2026 01 30 at 1.56.19 PM

 


මේ සාකච්ජාවේදී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංගමයේ කැඳවුම්කරු සහ උප සභාපති SN රාගවන් සජිත් ගැන හරි අපූරු කතාවක් කළේය.

“ අපිට තවත් ණය යෝජනා ක්‍රම වැඩක් නෑ, මේ රටේ මේ සෙක්ටර් එකේ 50% කගේ ව්‍යාපාර අද නතර වෙලා. අනුර කුමාර ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කිව්වා චෙක් නම්බර් පිටින් එයා ළඟ තියෙනවා හොරු අල්ලනවා, තවත් ඕනනම් කැබ්එකේ ෆයිල්වල තියෙනවා, අපිත් ඒ කතාවලට රැවටුනා. අද හොරු අල්ලන්නෙත් නෑ, රාජපක්ෂගේ චෙක්ස් නොම්බරත් නෑ, අපේ ව්‍යාපාර අද වැහිලා, ණය ගෙවා ගන්න බෑ. අපිට සුරංගනා කතා කිව්වා, ඒවට අපි අහුවුනා, සර් විතරයි ඇත්තටම අපි ගැන පාර්ලිමේන්තුවේදී හැමදාම කතා කළේ, ඔබතුමා විතරයි මේ ප්‍රශ්ණය හරියට අඳුරගත්තේ, සර් මේ ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් නෑ. අපිත් රැවටුන එක විතරයි වුණේ. අපේ මිනිස්සුන්ට දැන් කරකියා ගන්න දෙයක් නෑ”

විපක්ෂ නායක සජිත් මේ හැම ව්‍යවසායකයකුටම තම ගැටලු කියන්නට හැකි වේදිකාවක් නිර්මාණය කර තිබූ අතර, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නට රජයට බලකළ හැකි උපරිම මැදිහත්වීම සිදුකරදීමට පොරොන්දු විය.



සිංගප්පූරුවේ සිට ආ හදිසි දුරකථන ඇමතුම

 

 

WhatsApp Image 2026 01 30 at 1.56.51 PM

 


Info Sri lanka සමාජ මාධ්‍ය පිටුව වාර්තාවක් ප්ලාන්ට් කර තිබුණේ, “නාමල් සමඟ සවාරි ගිය සජබ සෙට් එකට වැඩ වරදින ලකුණු” කියාය.

මේ දිනවල සිංගප්පූරුවේ සාචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙය දැක තිබුණේ අහම්ඹෙන් වගේය.

මේක දැක්ක ගමන් ටිකක් කේන්ති ගියපු සජිත් තමන්ගේ මාධ්‍ය කණ්ඩායමට කතා කරලා කියලා තිබුණේය.

“ ඔයාලා දැක්කද අර ප්ලාන්ට් කරලා තියෙන නිවුස් එක, දැන් අර නාමල් එක්ක ඉන්දියාවේ ජනරජ දින සැමරුමට ගිය අපේ සජබේ නවක මන්ත්‍රීවරු 4 දෙනාගේ ඒ ගමන ගැන මාවත්, මහලේකම්තුමාවත් දැනුවත් කරලයි ගියේ. ඒ ඩෙලිගේෂන් එක පාර්ලිමේන්තුවේදී මාවත් හමුවුනා, ඒකේ ෆෝටොස් ටිකත් ඔයාලට ෂෙයා කරන්නම්. මේ වගේ බොරු ප්‍රවෘත්ති ප්ලාන්ට් කරන අයට විරුද්ධව නීතිමය පියවරක් ගන්නම වෙනවා. ඔය ඩෙලිගේෂන් එකේ ඉන්දියාව පැත්තේ සම්බන්ධීකරණය කළේ, Kalinga Institute of Industrial Technology and  Kalinga Institute of Social Sciences ආයතනයේ නිර්මාතෘවරයා. එයා මාවත් පාර්ලිමේන්තුවට ඇවිත් හමුවුනා. අනිත් එක ඔය ටීම් එකකම ඉන්දියන් හයිකමිෂන මිස්ටර් සන්තුෂ් ජා ත් මුණගැහුනා. එහෙම තියෙද්දී මේ වගේ බොරු නිවුස් ප්ලාන්ට් කරන එක හරිම වැරදීයී.”

මේ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි උපදෙස් දෙමින් සජිත් සිංගප්පූරුවේ සිට ගත් දුරකථන ඇමතුම විසන්දි කළේය.



චමින්ද කුලරත්න වෙනුවෙන් සජිත් පෙරට

 

 

WhatsApp Image 2026 01 30 at 1.57.05 PM
චමින්ද කුලරත්න වෙනුවෙන් සජිත් පෙරට
 


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිව්වේ, 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින්ය.

විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත සිදු වූවක් ද යන සැකය මතු වීම අසාධාරණ නොවන බවත්, මෙවැනි පූර්වාදර්ශයන් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට එරෙහි භයානක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවත් සජිත් වැඩිදුරටත් සඳහන් ඇත්තේය.

 

- බංගලා හන්දියේ ලියුම්කරු -
Advertiesment